Privacy Policyපෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
Lookuru is a keyboard, so it sees what you type. Here is exactly what happens to it.
Lookuru කීබෝඩ් එකක් නිසා ඔබ ටයිප් කරන දේ ඒකට පේනවා. ඒකට හරියටම මොකද වෙන්නෙ කියලා මෙන්න.
In shortකෙටියෙන්ම
- No account and no sign-in.
- Lookuru does not log, store or send what you type.
- Only text you choose to translate is sent, to Google Translate.
- No ads, no analytics or tracking, no selling or sharing of personal data.
- ඇකවුන්ට් එකක් නෑ, sign-in නෑ.
- ඔබ ටයිප් කරන දේ Lookuru log කරන්නෙවත්, ගබඩා කරන්නෙවත්, යවන්නෙවත් නෑ.
- යවන්නෙ ඔබ පරිවර්තනය කරන්න තෝරන text එක විතරයි, Google Translate එකට.
- දැන්වීම් නෑ, analytics හෝ tracking නෑ, පෞද්ගලික දත්ත විකුණන්නෙවත් බෙදාගන්නෙවත් නෑ.
1Who we areඅපි කවුද
Lookuru Keyboard (com.lookuru.keyboard) is provided by Lookuru, Sri Lanka. In this policy, “Lookuru”, “we” and “us” mean Lookuru and the app. Contact: hello@lookuru.com.
This policy explains, in plain words, what the Lookuru Keyboard app for Android does with information.
Lookuru Keyboard (com.lookuru.keyboard) ලබාදෙන්නෙ ශ්‍රී ලංකාවේ Lookuru. මේ ප්‍රතිපත්තියේ “Lookuru”, “අපි” කියන්නෙ Lookuru සහ ඇප් එකට. සම්බන්ධ වෙන්න: hello@lookuru.com.
Android සඳහා වන Lookuru Keyboard ඇප් එක තොරතුරු එක්ක මොනවද කරන්නෙ කියලා මේ ප්‍රතිපත්තිය සරලව පැහැදිලි කරනවා.
2What you typeඔබ ටයිප් කරන දේ
- No account, no sign-in. You don't create an account or sign in to use Lookuru.
- Lookuru does not log, store or send what you type.
The only exception is translation, which you start yourself. See Translation.
- ඇකවුන්ට් එකක් නෑ, sign-in නෑ. Lookuru පාවිච්චි කරන්න ඇකවුන්ට් එකක් හදන්න හරි sign-in වෙන්න හරි ඕනෙ නෑ.
- ඔබ ටයිප් කරන දේ Lookuru log කරන්නෙවත්, ගබඩා කරන්නෙවත්, යවන්නෙවත් නෑ.
එකම ව්‍යතිරේකය ඔබ විසින්ම පටන් ගන්න පරිවර්තනය. පරිවර්තනය බලන්න.
3What is kept on your phoneඔබේ ෆෝන් එකේ විතරක් තියාගන්න දේ
Lookuru keeps a few things only on your phone, in the app's private storage. This data is not backed up to the cloud.
| What | Why | How to delete |
|---|---|---|
| Learned words | So suggestions can show the words and names you use. | Settings → Learned words → Clear |
| Your last 3 copies | So you can paste them from Clip Board. | Clip Board → Clear All |
| Up to 3 shortcuts | Your Short Cuts, like “mk” → “මොකද කරන්නෙ”. | Uninstall the app |
| Settings | Your keyboard choices. | Uninstall the app |
| Daily service counter (encrypted) | To count your 30 free Lookuru AI services a day. | Uninstall the app |
| “Lookuru AI updates” choice | To remember whether you want update notifications. | Uninstall the app |
Learning is off in password, PIN, email and web-address fields.
Lookuru දේවල් කිහිපයක් ඇප් එකේ පෞද්ගලික ගබඩාවේ, ඔබේ ෆෝන් එකේ විතරක් තියාගන්නවා. මේ දත්ත cloud එකට backup වෙන්නෙ නෑ.
| මොනවද | ඇයි | මකන්නෙ කොහොමද |
|---|---|---|
| ඉගෙනගත්ත වචන | ඔබ පාවිච්චි කරන වචනයි නමුයි suggestions වල පෙන්නන්න. | Settings → Learned words → Clear |
| ඔබේ අන්තිම copies 3 | Clip Board එකෙන් paste කරන්න. | Clip Board → Clear All |
| Shortcuts 3ක් දක්වා | “mk” → “මොකද කරන්නෙ” වගේ ඔබේ Short Cuts. | ඇප් එක uninstall කරන්න |
| Settings | ඔබේ කීබෝඩ් තේරීම්. | ඇප් එක uninstall කරන්න |
| දෛනික service ගණන (encrypt කරපු) | දවසකට නොමිලේ ලැබෙන Lookuru AI services 30 ගණන් කරන්න. | ඇප් එක uninstall කරන්න |
| “Lookuru AI updates” තේරීම | Update notifications ඕනෙද නැද්ද කියලා මතක තියාගන්න. | ඇප් එක uninstall කරන්න |
Password, PIN, email, web address fields වලදී ඉගෙනගැනීම off.
4Translationපරිවර්තනය
When you translate (Flip Translate or a word with Word Tools), only the text you choose to translate is sent to Google Translate over an encrypted connection. Google's privacy policy applies to that text: policies.google.com/privacy.
If Google can't be reached, Lookuru translates Sinhala ⇄ English offline, on your phone.
ඔබ පරිවර්තනය කරද්දි (Flip Translate හරි Word Tools වලින් වචනයක් හරි), ඔබ පරිවර්තනය කරන්න තෝරන text එක විතරක් encrypt කරපු සම්බන්ධතාවයකින් Google Translate එකට යවනවා. ඒ text එකට Google ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය අදාළයි: policies.google.com/privacy.
Google එකට සම්බන්ධ වෙන්න බැරි නම් Lookuru offline, ඔබේ ෆෝන් එකේම සිංහල ⇄ ඉංග්‍රීසි පරිවර්තනය කරනවා.
5Voice typingVoice typing
Voice typing uses your phone's speech-recognition service. The microphone is used only while you tap the mic. Lookuru does not record or keep audio.
Voice typing වලට ඔබේ ෆෝන් එකේ speech-recognition service එක පාවිච්චි කරනවා. Microphone එක පාවිච්චි වෙන්නෙ ඔබ mic එක ටැප් කරලා ඉන්න වෙලාවට විතරයි. Lookuru ශබ්දය record කරන්නෙවත් තියාගන්නෙවත් නෑ.
6Permissionsඅවසර (Permissions)
| Permission | What it's used for |
|---|---|
| Internet | Translation. |
| Microphone | Voice typing. Optional. |
| Notifications | Optional. Only if you turn on “Lookuru AI updates”. |
Lookuru asks for nothing else.
| අවසරය | පාවිච්චි කරන්නෙ මොකටද |
|---|---|
| Internet | පරිවර්තනය. |
| Microphone | Voice typing. අනිවාර්ය නෑ. |
| Notifications | අනිවාර්ය නෑ. ඔබ “Lookuru AI updates” on කළොත් විතරයි. |
Lookuru වෙන කිසිම අවසරයක් ඉල්ලන්නෙ නෑ.
7No ads, no tracking, no sellingදැන්වීම් නෑ, tracking නෑ, විකුණන්නෙ නෑ
- No ads.
- No analytics or tracking.
- No selling or sharing of personal data.
This website (lookuru.com) uses no cookies and no trackers. It loads its fonts from Google Fonts, so your browser connects to Google to download them.
- දැන්වීම් නෑ.
- Analytics හෝ tracking නෑ.
- පෞද්ගලික දත්ත විකුණන්නෙවත් බෙදාගන්නෙවත් නෑ.
මේ වෙබ් අඩවිය (lookuru.com) cookies හෝ trackers පාවිච්චි කරන්නෙ නෑ. අකුරු (fonts) Google Fonts වලින් load වෙන නිසා, ඒවා download කරගන්න ඔබේ browser එක Google එකට සම්බන්ධ වෙනවා.
8About the Android keyboard noticeAndroid කීබෝඩ් notice එක ගැන
When you turn on a keyboard, Android shows a standard notice saying it “may be able to collect all the text you type”.
Android shows this for every keyboard, because a keyboard technically could. It doesn't mean Lookuru does. Lookuru does not collect what you type. The only text that leaves your phone is text you choose to translate, as explained above.
කීබෝඩ් එකක් on කරද්දි, ඒකට “ඔබ ටයිප් කරන හැම text එකක්ම එකතු කරගන්න පුළුවන් වෙයි” කියලා Android සාමාන්‍ය notice එකක් පෙන්නනවා.
Android මේක පෙන්නන්නෙ හැම කීබෝඩ් එකකටම, මොකද තාක්ෂණිකව කීබෝඩ් එකකට ඒක කරන්න පුළුවන් නිසා. Lookuru ඒක කරනවා කියන එක නෙවෙයි ඒකෙන් කියවෙන්නෙ. Lookuru ඔබ ටයිප් කරන දේ එකතු කරන්නෙ නෑ. ෆෝන් එකෙන් එළියට යන්නෙ ඉහත පැහැදිලි කරපු විදිහට ඔබ පරිවර්තනය කරන්න තෝරන text එක විතරයි.
9Childrenළමයි
Lookuru is not directed at children under 13.
Lookuru හදලා තියෙන්නෙ අවුරුදු 13ට අඩු ළමයි ඉලක්ක කරලා නෙවෙයි.
10Deleting your dataඔබේ දත්ත මකන විදිහ
You can delete anytime:
- Learned words: Settings → Learned words → Clear
- Clipboard copies: Clip Board → Clear All
- Everything: uninstall the app
ඕන වෙලාවක මකන්න පුළුවන්:
- ඉගෙනගත්ත වචන: Settings → Learned words → Clear
- Clipboard copies: Clip Board → Clear All
- ඔක්කොම: ඇප් එක uninstall කරන්න
11Changes to this policyමේ ප්‍රතිපත්තියේ වෙනස්කම්
Changes to this policy will be posted on this page with a new date.
මේ ප්‍රතිපත්තියේ වෙනස්කම් අලුත් දිනයක් එක්ක මේ පිටුවේ පළ කරනවා.
12Contactසම්බන්ධ වෙන්න
Questions about privacy? Email hello@lookuru.com.
පෞද්ගලිකත්වය ගැන ප්‍රශ්න තියෙනවද? hello@lookuru.com එකට email කරන්න.